Day: November 27, 2022

විදේශගත ප්‍රජාවගෙන් ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. කියවන්න...

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට හේතුව බව සිතිය හැකි ය. ඒ අනුව එබඳු වැඩ සටහන් ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක් ම නව ලිබරල් කියා හැඳින්වීමට වාමාංශිකයෝ පෙළඹී සිටිති. මෙම ඇතැම් ප්‍රතිපත්ති සහ/ හෝ ක්‍රියාමාර්ග වෙනත් ආර්ථික දර්ශන සමග ද ක්‍රියාත්මක කළ හැකි බව ඔවුහු නොදනිති. නැතහොත් නොපිළිගනිති.

මෙරට ප්‍රකට වාමාංශික බුද්ධිමතෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මාස කිහිපයකට පෙර අනිද්දා පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ නව ලිබරල්වාදය ගැන වමේ අලුත් විවේචනයක් අවශ්‍ය බව යි. ඒ මහතාට එබඳු නව විවේචනයක් ගොඩ නගා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට නැතත්, එම ලිපියෙන් එක් කරුණක් පිළිගෙන ඇති බව පෙනෙන්නට තිබිණි. එනම්, නව ලිබරල්වාදය පිලිබඳ වමේ විවේචනයේ කිසියම් වරදක් ඇති බව යි. කියවන්න...