විදේශගත ප්‍රජාවගෙන් ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *