මෙරට උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
අද (30) නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක අගය නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා පහළ ගොස් ඇත.
මේ ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබේ.
ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් ඇත.
