Month: December 2022

අඹේවෙල පෞද්ගලිකකරණයේ ප්‍රගතිය ජනපති නිරීක්ෂණය කරයි

දිනක කිරි නිෂ්පාදනය ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළට

2001 වසරේ දී  පෞද්ගලීකරණය කරන ලද අඹේවෙල ගොවිපලෙහි නිරීක්ෂණ සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලීකරණයෙන් පසු ගොවිපොළ ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

මෙම කාලය තුල ගොවිපලේ කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එළදෙනෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 9 ක සිට ලීටර 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , එහි දී හෙළිදරව් වී ය. කියවන්න...

සියයට හැටකින් විදුලි බිල ඉහළට ; දිළිඳු පවුල් ලක්ෂ 30 කට ඍජු මුදල් සහනාධාර

ආගමික ස්ථාන වලට කිලෝවොට් පහක සුර් ය පැනල නොමිලේ

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවත්, එයින් පීඩාවට පත්වන දිළිඳු පවුල් ලක්ෂ 30 කට රජයෙන් ඍජු සහනාධාරයක් ගෙවීමට කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාන්චන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය.

එකක 30 කට අඩුවෙන් විදුලිය භාවිතා කරන පවුල් ලක්ෂ 14 කට සහ 60 කට අඩුවෙන් භාවිතා කරන පවුල් ලක්ෂ 16 කට මෙම ඍජු සහනාධාරය ගෙවන බව ඇමතිවරයා කී ය. කියවන්න...

ඉදිරි වසර තුනේ පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගාවොට් 2800 ක් විදුලි පද්ධතියට

පුනර්ජනනීය බල ශක්තියෙන් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කුඩා ජල විදුලි බලාගාර , සුළං සහ සුර් ය බල බලාගාර මගින් එම ධාරිතාවය පද්ධතියට එක් කිරීමට හියමිතය. කියවන්න...

තවත් සුපිරි මගී නෞකාවක් කොළඹට

“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි. කියවන්න...

ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් නොඉල්ලයි – මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයකින් හෙළිවෙයි

ඉල්ලන්නේ සහන කාලයක් සහ ගෙවීම් කාලයේ දිගුවක් – ද හින්දු පුවත්පතට කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග කරන සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් ඉල්ලා නොසිටින බව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට කළ ප්‍රකාශයකින් හෙළිදරව් වෙයි.

එම ප්‍රකාශය අනුව මහ බැංකු අධිපතිවරයා කියා ඇත්තේ තමන් ණය හිමියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ණය ගෙවීම සඳහා සහන කාලයක් සහ ගෙවා නිම කිරීමට තවත් කාලයක් ලබා දෙන ලෙස බව යි. එවිට ඉදිරි වසර හතර පහකින් ගෙවීමට ඇති මුදල වසර විස්සක් පමණ කාලයකින් ගෙවා නිම කිරීමේ හැකියාව ඇති බව ඒ මහතා කියා තිබේ. කියවන්න...

ලෝකාන්තය බලන්න කේබල් කාර්

ජනාධිපති උපදෙස් දෙයි

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි

ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. කියවන්න...

ජාතික උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි. කියවන්න...

කොළඹ වරාය නගරයට නව වීසා ර්වග කිහිපයක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

කොළඹ වරායේ නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්,මූල්‍ය,තොරතුරු තාක්ෂණය හා සංචාරක,වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා මෙම නව වීසා වර්ගය හඳුන්වා දී තිබේ.  කියවන්න...

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනයට – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කියවන්න...