Day: December 5, 2022

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කපා හැරීමක් නැහැ !

එකඟත්වයකට පහසුවක් !!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන  යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති.

මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද අපහසු නොවනු ඇතැයි කියති. කියවන්න...

කලාපීය වෙළෙඳ ගිවිසුමකට ප්රුමුඛතාව දිය යුතුයි – ආර්ථික විද්යාගඥ අනුෂ්ක විජේසිංහ

ශ්‍රී ලංකාව ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කරනවා වෙනුවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට  (RCEP) සම්බන්ධ වීම ප්‍රමුඛතාවය ලබා දිය යුතු ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අනුෂ්ක විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.  .

” වෙළඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගැනීමට අපට රජය තුළ හැකියා සහ තාක්ෂණික සම්පත් නැතැයි”  ආර්ථික විද්‍යාඥ අනුෂ්කා විජේසිංහ කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට ප්‍රකාශ කළේය. කියවන්න...

ශ්‍රී ලංකාවට වසර 10 ක් ණය සහන කාලයක් – පැරිස් ක්ලබ් යෝජනා කරයි

ප්‍රතිව්‍යුහගත කිරීමට තව වසර 15 ක්

ශ්‍රී ලංකාවේ පවතින මුදල් අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්  සඳහා  ණය දෙන ජාතීන්ගේ පැරිස් ක්ලබ් කණ්ඩායම යෝජනා කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

එසේ වුව ද ,  ශ්‍රී ලංකාවේ ප්‍රධන ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව  ලෝකයේ ප්‍රධාන ණය දෙන රටවල් කණ්ඩායම වන පැරිස් ක්ලබ් සමාජයේ සාමාජිකයෝ නොවෙති. කියවන්න...