කලාපීය වෙළෙඳ ගිවිසුමකට ප්රුමුඛතාව දිය යුතුයි – ආර්ථික විද්යාගඥ අනුෂ්ක විජේසිංහ

ශ්‍රී ලංකාව ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කරනවා වෙනුවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට (RCEP) සම්බන්ධ වීම ප්‍රමුඛතාවය ලබා දිය යුතු ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අනුෂ්ක විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. .
” වෙළඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගැනීමට අපට රජය තුළ හැකියා සහ තාක්ෂණික සම්පත් නැතැයි” ආර්ථික විද්‍යාඥ අනුෂ්කා විජේසිංහ කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට ප්‍රකාශ කළේය.
“කුඩා ද්විපාර්ශ්වික ගිවිසුම් තුනක් හෝ හතරකට වඩා කලාපීය වෙළෙඳ ගිවිසුමක් RCEP අංක එකේ ප්‍රමුඛතාවය විය යුතු යැයි මම සිතමි.” ඒ මහතා කියයි.
ශ්‍රී ලංකාව චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා කරන අතර ඉන්දියාව සමඟ පවතින ගිවිසුම පුළුල් කිරීමට උත්සාහ දරමින් සිටියි.
නිදහස් වෙළඳ ගිවිසුම් සමඟ අපනයන ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව දත්ත මගින් තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකාව ඉහළ තීරුබදු ආරක්ෂණයක් පවත්වාගෙන යන අතර එය අවසානයේ හානිකර වෙයි.
නිදහස් වෙළෙදාම මගින් අත්වන වාසි නොතකා ශ්‍රී ලංකාව ආරක්ෂනවදී පිළිවෙතක් දිගටම ක්‍රියාත්මක කරන බව විජේශිංහ මහතා පෙන්වා දෙයි.