ශ්‍රී ලංකාවට වසර 10 ක් ණය සහන කාලයක් – පැරිස් ක්ලබ් යෝජනා කරයි

ප්‍රතිව්‍යුහගත කිරීමට තව වසර 15 ක්

ශ්‍රී ලංකාවේ පවතින මුදල් අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්  සඳහා  ණය දෙන ජාතීන්ගේ පැරිස් ක්ලබ් කණ්ඩායම යෝජනා කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

එසේ වුව ද ,  ශ්‍රී ලංකාවේ ප්‍රධන ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව  ලෝකයේ ප්‍රධාන ණය දෙන රටවල් කණ්ඩායම වන පැරිස් ක්ලබ් සමාජයේ සාමාජිකයෝ නොවෙති.

පැරිස් සමාජය තවමත් ඉන්දියාව සහ චීනය සමග නිල වශයෙන් සාකච්ඡා කොට නොමැති අතර, ශ්‍රීලංකාව තවමත් චීන රජය  සමඟ විධිමත් සංවාදයක් ආරම්භ කර නොමැති බව දෙසැම්බර් 03 සෙනසුරාදා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ණය ඉක්මනින්  අනුමත කිරීමේ අවස්ථා පිළිබඳව පුවත්පත සැක පළ කොට ඇත..  ශ්‍රී ලංකාව සඳහා මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක දිගු අරමුදල් පහසුකම දෙසැම්බර් මාසයේදී අනුමත වීම දැන් ඉතා අපහසු ඉලක්කයක් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවක් සඳහා මාර්තු මාසය තරම් කාලයක් ගත විය හැකි බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාව පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා බලධාරීන් පවසා ඇත්තේ ණයහිමියන්ගේ සහතිකය ලැබෙන්නේ නම් IMF විධායක මණ්ඩල රැස්වීමක් කෙටි දැනුම්දීමකින් කැඳවිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *