Day: December 6, 2022

ශ්‍රී ලංකාවේ ණය ර්අබුදය ගැන මුල්‍ය අරමුදලේ ප්‍රධානීට , ලෝක බැංකු සභාපතිට චීනයෙන් කැඳවීමක්

මේ සතියේ බෙයිජිං නුවරට එන්න කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මියට සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතාට මේ සතියේ චීනයේ බෙයිජිං  නුවරට පැමිණෙන ලෙස ආරාධනය කොට ඇති බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.

චීනයේ බෙයිජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී  එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාවෝ ජින් මහත්මිය ප්‍රකාශ කළේ චීනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග ශක්තිමත් දිගුකාලීන සබඳතා ඇති බව සහ ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහය වීම සඳහා එම සම්බන්දතා උපයෝගී කරගන්නා බව යි. කියවන්න...

විදුලි බිල වැඩි නොකලොත් පැය හත අටක විදුලි කැපීමක් – ඇමැති කාංචන විජේසේකර

විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය. කියවන්න...

කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි දදෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවදජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කියවන්න...

කොළඹ වරායේ නැගෙනහිර ර්පයන්තය ජපානයට – ජනාධිපති

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත. කියවන්න...

ණය නොකපන ප්‍රතිව්‍යුහගත කිරීමකින් ශ්‍රී ලංකාවට වැඩක් නැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

ප්‍රධාන මාධ්‍යවල පළ වී ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉන් කොටසක් කපා හැරීමකින් තොරව සහන කාලයක් පමණක් ලැබෙන්නේ නම් එයින් මෙරටට විශාල සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විද්‍යාඥ ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

එයට හේතුව ලෙස ඒ මහතා කියන්නේ එම සහන කාලයෙන් පසු පොලියත් සමග ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවීමයි. කියවන්න...