කොළඹ වරායේ නැගෙනහිර ර්පයන්තය ජපානයට – ජනාධිපති

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත.
“අපිට ඇත්තටම ඒක කරන්න අවශ්‍ය නම් අපි නැගෙනහිර පර්යන්තය දෙන්න ඕන,” ජනාධිපති වික්‍රමසිංහ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට පැවසීය.
“අපි ජපානයට පළමු යෝජනාව ලබා දුන්නා.”
ජපානය නොගන්නේ නම් එය අන් අයට විවෘත වන බව ඔහු පැවසීය.
EconomyNext