ණය නොකපන ප්‍රතිව්‍යුහගත කිරීමකින් ශ්‍රී ලංකාවට වැඩක් නැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

ප්‍රධාන මාධ්‍යවල පළ වී ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉන් කොටසක් කපා හැරීමකින් තොරව සහන කාලයක් පමණක් ලැබෙන්නේ නම් එයින් මෙරටට විශාල සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විද්‍යාඥ ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

එයට හේතුව ලෙස ඒ මහතා කියන්නේ එම සහන කාලයෙන් පසු පොලියත් සමග ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවීමයි.

එමෙන් ම වාර්තාවල සඳහන් පරිදි ණය සහන කාලයක් ගැන යෝජනාවක්  ගැන පැරිස් සමාජය නිල වශයෙන් කිසිවක් කියා නැති බවත්, එබැවින් මෙම ප්‍රවෘත්තිය ද සැක සහිත බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *