ශ්‍රී ලංකාවේ ණය ර්අබුදය ගැන මුල්‍ය අරමුදලේ ප්‍රධානීට , ලෝක බැංකු සභාපතිට චීනයෙන් කැඳවීමක්
මේ සතියේ බෙයිජිං නුවරට එන්න කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මියට සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතාට මේ සතියේ චීනයේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනය කොට ඇති බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.
චීනයේ බෙයිජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාවෝ ජින් මහත්මිය ප්‍රකාශ කළේ චීනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග ශක්තිමත් දිගුකාලීන සබඳතා ඇති බව සහ ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහය වීම සඳහා එම සම්බන්දතා උපයෝගී කරගන්නා බව යි.
ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය මෙන් ම මෙබඳු වෙනත් රටවල ප්‍රශ්න පිළිබඳව ද චීනය අවධානයෙන් කටයුතු කරන බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කොට ඇත.