මෙරට නිල සංචිත වත්කම්වල ර්වධනයක්

මෙරට නිල සංචිත වත්කම්වල වර්ධනයක්

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙසටය.

මෙරට නිල සංචිත වත්කම් ඉකුත් ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1705ක් ව පැවතියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ චීන මහජන බැංකුවෙන් ‘ස්වැප්’ හෙවත් විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් සීමිත ඩොලර් බිලියන 1.4ක්ද ඊට ඇතුළත් වන බවය.

එහි ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් මිලියන 1610සිට නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1732 දක්වා ඉහළගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා කර සිටී.

එය 7.6% ක වර්ධනයක් ලෙස සැලකිය හැකිය.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 355ක් ලෙස සටහන් වෙයි.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1192ක් ලෙස සදහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1051ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව පෙර වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 11.9ක අඩුවීමක් පෙන්නුම් කරයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *