ශ්‍රී ලංකාව සංචාරක ආයෝජකයින්ට අක්වෙරළ දූපත් 60ක් පිරිනැමීමට සූදානම්: රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

ශ්‍රී ලංකාව ජල විලා ඉදිකිරීම සඳහා ආයෝජකයින්ට කල්පිටියෙන් දූපත් 60 ක් පිරිනැමීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය
“ජල විලා හදන්න අවශ්‍ය ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා,” අමාත්‍ය අමුණුගම පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ඔබ දන්නා පරිදි මෙය මාලදිවයිනේ ප්‍රධාන ව්‍යාපාරයයි. නමුත් අපේ වෙරළ සංරක්ෂණ නීතිය යටතේ අපිට ඒක කරන්න බැහැ.
එම දූපත් ආශ්‍රිතව මෙවැනි සංවර්ධන කටයුතුවලට ඉඩ සැලසීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.
“දූපත් 60ක් තියෙනවා. සමහර ඒවා මාලදිවයිනේ විශාල දූපත් වලට වඩා විශාලයි. අපට අවශ්‍ය වන්නේ මෙම දූපත් 60 දෙස බලා සංචාරක ආයෝජකයින් ගෙන්වා ගැනීමටයි.