Day: December 10, 2022

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ තවදුරටත් ඉහළට

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබේ.

ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. කියවන්න...

සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානයේ කැමැත්ත

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ. කියවන්න...