ජපාන සැහැල්ලු දුම්රිය ණය ගිවිසුම අවලංගු කොට නැහැ
වන්දි ගෙවන්නත් සිදුවන ලකුණු

ජපාන රජයේ සහන ණය ආධාර යටතේ ඉදිකිරීමට යෝජිතව තිබු සැහැල්ලු දුම්රිය පද්ධතියේ පළමු කොටස ලෙස කොළඹ සිට මාලබේ දක්වා කොටස ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින් ඒක පාර්ශවිකව අවලංගු කළ ද , ඒ සඳහා ජපානයේ ජයිකා ආයතනය සමග තිබු ණය ගිවිසුම අවලංගු කොට නැති බව හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙයි.
එම ණය මුදල වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව ජපානයේ ජයිකා ආයතනයට දන්වා ඇතත්, විකල්ප ව්‍යාපෘතියක් ගැන සාකච්ඡාවක් හෝ කර නැත. එමෙනම් එම මුදල වෙනත් ව්‍යාපෘතියකට ලබාදීමට ජයිකා ආයතනය කැමැත්ත ප්‍රකාශ කොට නැත.