Day: December 15, 2022

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා)  සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.

2022 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,231 ක් ලෙස වාර්තා වී ඇත. කියවන්න...

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

 වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. කියවන්න...

ලබන වසරේ ආර්ථිකයට ඩොලර් බිලියන 8ක් – විදේශ ඇමැති අලි සබ්‍රී

ලබන වසරේ ඩොලර් බිලියන 8ක්

ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවය.