2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,231 ක් ලෙස වාර්තා වී ඇත.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,218 ක් ලෙස වාර්තා වී ඇත.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේ දී පෙර වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම සියයට 45.2 ක් වන අතර මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් සංකෝචනය වී ඇත.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂීකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 8.7ක්, සියයට 21.2ක් සහ සියයට 2.6ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත.


