Day: December 23, 2022

තවත් සුපිරි මගී නෞකාවක් කොළඹට

“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි. කියවන්න...

ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් නොඉල්ලයි – මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයකින් හෙළිවෙයි

ඉල්ලන්නේ සහන කාලයක් සහ ගෙවීම් කාලයේ දිගුවක් – ද හින්දු පුවත්පතට කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග කරන සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් ඉල්ලා නොසිටින බව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට කළ ප්‍රකාශයකින් හෙළිදරව් වෙයි.

එම ප්‍රකාශය අනුව මහ බැංකු අධිපතිවරයා කියා ඇත්තේ තමන් ණය හිමියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ණය ගෙවීම සඳහා සහන කාලයක් සහ ගෙවා නිම කිරීමට තවත් කාලයක් ලබා දෙන ලෙස බව යි. එවිට ඉදිරි වසර හතර පහකින් ගෙවීමට ඇති මුදල වසර විස්සක් පමණ කාලයකින් ගෙවා නිම කිරීමේ හැකියාව ඇති බව ඒ මහතා කියා තිබේ. කියවන්න...