සියයට හැටකින් විදුලි බිල ඉහළට ; දිළිඳු පවුල් ලක්ෂ 30 කට ඍජු මුදල් සහනාධාර
ආගමික ස්ථාන වලට කිලෝවොට් පහක සුර් ය පැනල නොමිලේ

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවත්, එයින් පීඩාවට පත්වන දිළිඳු පවුල් ලක්ෂ 30 කට රජයෙන් ඍජු සහනාධාරයක් ගෙවීමට කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාන්චන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය.
එකක 30 කට අඩුවෙන් විදුලිය භාවිතා කරන පවුල් ලක්ෂ 14 කට සහ 60 කට අඩුවෙන් භාවිතා කරන පවුල් ලක්ෂ 16 කට මෙම ඍජු සහනාධාරය ගෙවන බව ඇමතිවරයා කී ය.