ඉදිරි වසර තුනේ පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගාවොට් 2800 ක් විදුලි පද්ධතියට

පුනර්ජනනීය බල ශක්තියෙන් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කුඩා ජල විදුලි බලාගාර , සුළං සහ සුර් ය බල බලාගාර මගින් එම ධාරිතාවය පද්ධතියට එක් කිරීමට හියමිතය.

සුළං බලයෙන් සහ වහලය මත සවිකරන සූර්ය පැනල තව දුරටත් ප්‍රචලිත කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු වගකිව යුතු නිලධාරීන් සියලු දෙනා ඉදිරියේ කාලය ගත කරන බවත් ඒ සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සහන ණය ක්‍රමය නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  

අද පැවති මාධ්‍ය සාකච්චාවේ දී ඒ මහතා මේ බව ප්‍රකශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *