අඹේවෙල පෞද්ගලිකකරණයේ ප්‍රගතිය ජනපති නිරීක්ෂණය කරයි
දිනක කිරි නිෂ්පාදනය ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළට

2001 වසරේ දී පෞද්ගලීකරණය කරන ලද අඹේවෙල ගොවිපලෙහි නිරීක්ෂණ සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලීකරණයෙන් පසු ගොවිපොළ ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කළේය.
මෙම කාලය තුල ගොවිපලේ කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එළදෙනෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 9 ක සිට ලීටර 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , එහි දී හෙළිදරව් වී ය.
ශ්‍රී ලංකාවේ අඹේවෙල ගොවිපළ පෞද්ගලීකරණය කිරීමෙන් පසු විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බැවින් එම සමාගමට තෘණ වගා කිරීම සඳහා දැනට භාවිතයට ගෙන නැති අක්කර 30 ක ඉඩමක් ලබා දෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ
ජනාධිපති වික්‍රමසිංහ මහතා පුද්ගලීකරණය සඳහා ලැයිස්තුගත කළ සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් හි කොටසක් වශයෙන් පැවති අඹේවෙල ගොවිපල ජාලයේ එක් ගොවිපලක් වන United Dairies (Pvt) Ltd හි සංචාරය කළේය.
කිරි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ අඹේවෙල ගොවිපළ ලබා ඇති ක්‍රමානුකූල වර්ධනය පිළිබඳව ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වූ අතර එය අනෙකුත් කිරි ගොවිපළ සඳහා ද ආදර්ශයක් සපයා ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.
“රටේ විශ්වවිද්‍යාල සිසුන්ට කිරි ගොවිතැන් ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගැනීම සඳහා පර්යේෂණ කටයුතු සඳහා මෙම ගොවිපළ විවෘත කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.”
අඹේවෙල ගොවිපළ සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම ගොවිපළ දකුණු ආසියාවේ ඇති තාක්‍ෂණිකව දියුණුම එකක් බවයි.
අඹේවෙල ගොවිපළේ දැන් කිරි ගවයන් 1000ක් සිටිනවා . ඔවුන් දිනකට තුන් වරක් කිරි දෙන අතර දිනකට කිරි ලීටර් 40,000 ක් නිෂ්පාදනය කෙරෙනවා . එය රාජ්‍ය අයිතිය යටතේ පවතින විට ගොවිපළ දිනකට කළ නිෂ්පාදනය කිරි ලීටර් 1500ක් පමණ යි..
ලංකා මිල්ක් ෆුඩ්ස් පවසන පරිදි 2001 වසරේ නව හිමිකරුවන් භාර ගන්නා විට එළදෙනක් කිලෝග්‍රෑම් 450ක් පමණ බරැති වූ අතර දිනකට කිරි ලීටර් 9ක් පමණ නිපදවා ඇත.
දැන් එළදෙනකගේ බර කිලෝ 650ක් පමණ වන අතර සාමාන්‍යයෙන් දිනකට ලීටර් 30ක් පමණ නිපදවන අතර හොඳම අයර්ෂයර් එළදෙනුන් දිනකට කිරි ලීටර් 50ක් පමණ නිපදවයි. මෙම ගොවිපළ සමුහයේ Ayrshire සහ Holstein Friesian යන ගව වර්ග දෙකම වගා කරයි.
මුළු අඹේවෙල ගොවිපළ සමූහයටම දැන් ගවයින් 4,500 ක් සිටිනවා.. සමාගම පවසයි.