මෙරට නිල සංචිත වත්කම්වල ර්වධනයක්

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙසටය.
ආර්ථීකය සරලව
මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙසටය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයේ දී චීනයේ යෝජනාව වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව තවත් ආධාර සපයමින් ණය තිරසාර බව ඇතිකිරීම බව චීනයේ ප්‍රකාශ නිරීක්ෂණය කරන විචාරකයෝ කියති.
චීනයේ මෑත කාලීන ප්‍රකාශ මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සඳහා විසදුම් ලබාදීමට ජාත්‍යන්තර සංවිධාන එකට වැඩ කළ යුතු බව යි. ණය ප්‍රතිව්යුහගතකිරීම යන වචනය හෝ භාවිතා කිරීමෙන් චීනය වැළකී සිටින බව නිරීක්ෂණය කොට තිබේ.
තමාගේ අවසන් ධූර කාලය තුළ අභ්‍යන්තරයට යොමු වූ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ආපසු හැරවීමට සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කිරීමට ඔහු දැරූ උත්සාහයට දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් යන දෙඅංශයෙන්ම විරෝධතා එල්ල වූ බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
“අගමැතිවරයා ලෙස ගත කළ වසර 4.5 තුළ මෙම ආර්ථිකය වෙනත් දිශාවකට ගෙනයාමට ගත් උත්සාහය” ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආර්ථික සමුළුවේ දී පැවසීය.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මියට සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතාට මේ සතියේ චීනයේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනය කොට ඇති බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.
චීනයේ බෙයිජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාවෝ ජින් මහත්මිය ප්‍රකාශ කළේ චීනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග ශක්තිමත් දිගුකාලීන සබඳතා ඇති බව සහ ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහය වීම සඳහා එම සම්බන්දතා උපයෝගී කරගන්නා බව යි.
විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය.
කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි දදෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවදජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත.
ප්‍රධාන මාධ්‍යවල පළ වී ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉන් කොටසක් කපා හැරීමකින් තොරව සහන කාලයක් පමණක් ලැබෙන්නේ නම් එයින් මෙරටට විශාල සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විද්‍යාඥ ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.
එයට හේතුව ලෙස ඒ මහතා කියන්නේ එම සහන කාලයෙන් පසු පොලියත් සමග ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවීමයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති.
මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද අපහසු නොවනු ඇතැයි කියති.
ශ්‍රී ලංකාව ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කරනවා වෙනුවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට (RCEP) සම්බන්ධ වීම ප්‍රමුඛතාවය ලබා දිය යුතු ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අනුෂ්ක විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. .
” වෙළඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගැනීමට අපට රජය තුළ හැකියා සහ තාක්ෂණික සම්පත් නැතැයි” ආර්ථික විද්‍යාඥ අනුෂ්කා විජේසිංහ කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට ප්‍රකාශ කළේය.