Month: December 2022

ශ්‍රී ලංකාවට වසර 10 ක් ණය සහන කාලයක් – පැරිස් ක්ලබ් යෝජනා කරයි

ප්‍රතිව්‍යුහගත කිරීමට තව වසර 15 ක්

ශ්‍රී ලංකාවේ පවතින මුදල් අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්  සඳහා  ණය දෙන ජාතීන්ගේ පැරිස් ක්ලබ් කණ්ඩායම යෝජනා කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

එසේ වුව ද ,  ශ්‍රී ලංකාවේ ප්‍රධන ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව  ලෝකයේ ප්‍රධාන ණය දෙන රටවල් කණ්ඩායම වන පැරිස් ක්ලබ් සමාජයේ සාමාජිකයෝ නොවෙති. කියවන්න...

සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළ යයි

සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා හෙළිදරව් කරයි.

මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ද නොවැම්බර් මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5 ක ආදායමක් උපයාගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ. කියවන්න...