ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති මැතිසබයට කියයි

- ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු
- 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්
- මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.