රුපියල හිස ඔසවයි

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ  වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකය පෙන්වා දී ඇත.

ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ  වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ.එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සියයට 45.62 කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානයට පත්ව තිබූ අතර එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම වසරේ ජනවාරි 13 වැනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 47.69 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.

ඒ අනුව පසුගිය දර්ශකයට සාපේක්ෂව නව දර්ශකයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 2.07 කින් ශක්තිමත් වී ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *