IMF එකඟතා අනුව බදු අඩු කරන්න බෑ – මහබැංකු අධිපති ජනපතිට දැනුම් දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග වත්මන් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී, යෝජිත බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව ඉතාමත් අසීරු තත්වයකට මුහුණ පා ඇති බැවින් එය නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහෙත්, වත්මන් බදු ප්‍රතිපත්තිය මේ ලෙසින්ම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත පොරොන්දු වී ඇති බැවින්, මෙම බදු ප්‍රතිපත්තිය ආපසු හැරවිම කිසිසේත් සිදු කල නොහැකි යැයි එම අවස්ථාවේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති වරයාට පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *