චම්පික රණවක ක්‍රමයට විදුලිය කපමින් ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකියි – ලංවිම ඉංජිනේරුවෝ කියති

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන බව කියන්නට හිටපු ඇමති චම්පික රණවක මහතා යොදාගත් ගැන හිලව් වලංගු වන්නේ දිනකට පය දෙක හමාරක් විදුලිය කපු කාලයකට බවත්, එලෙස ම විදුලිය කපන්නේ නම් විදුලි ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.
චන්පික රණවක මහතා පසුගියදා කීවේ පසුගිය සැප්තැම්බර් , ඔක්තෝබර්, නොවැම්බර් මස තුනේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 108 ක් ආදායම් ලබා ඇති බව සහ වියදම ද බිලියන 108 ක් වූ බවයි. මුල්‍ය වියදම් අත් හැරියහොත් මණ්ඩලය ලැබ බව කී ඒ මහතා එම කාලයේ මෙම වියදම පාලනය කළේ පය දෙක හමාරක් විදුලිය කපමින් බව ප්‍රකාශ කළේ නැත. එමෙන් ම එම මාස තුනේ වැඩි වශයෙන් වැස්ස ලැබීම ද එම තත්ත්වයට හේතු වූ බව රණවක මහතා කීවේ නැත.