Month: January 2023

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.23 කින් ඉහළ ගොස් ඒකක 8,718.15 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 88.45කින් ඉහළ ගොස් ඒකක 2,724.22 ක් ලෙසින් වාර්තා විය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණයහිමියන්ට ඉන්දියාවෙන් දැනුම්දීමක්

 ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය. කියවන්න...

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි. කියවන්න...

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබේ. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති මැතිසබයට කියයි

  • ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු
  • 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්
  • මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. කියවන්න...

රටෙි ආර් ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති

මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමේ දී  ලැබෙන සහතිකය මත ශ්‍රී ලංකාවට  අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හා මුදල් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. කියවන්න...

ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්

ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්

විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ආර්ථික යම් ස්ථාවර මට්ටමක පැවතිය ද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බවය. කියවන්න...

2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් – ජනපති

2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් - ජනපති

ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් 2023 නව වසරට මෙරට ජනතාව පිවිසි බවය. කියවන්න...

ආර් තිකයට නව වසරේ කළ යුතු දේ – මහචාර් ය සිරිමල් අබේරත්න

2022 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීම ආරම්භ විය. 2021 වර්ෂයේ දී උපයන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කි. එම වසරේ ණය ගෙවීම් ද ඇතුළත්ව මුළු වියදම ඩොලර් බිලියන 28 කි. ඒ අනුව, ඩොලර් බිලියන 8 ක හිඟයක් සහිතව 2022 ට අවතීර්ණ වුණෙමු. එම පරතරය වනාහී 2021 වසරට පමණක් අනන්‍ය වූවක් නොවූ අතර ඉන් පෙර සිටම විවිධ අගයන්ගෙන් වාර්තා විණි.

එහෙත් 2021 දී එම පරතරය විශාල ලෙස ඉහළ යෑම කැපී පෙනෙන ලක්ෂණයක් විය. සංචාරක කර්මාන්තයෙන් උපයන ලද ආදායම් සහ විදේශ සංක්‍රාම ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය හරහා ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගත හැකි බව නිරන්තරයෙන් ප්‍රකාශ වන්නකි. එවැනි මාර්ගවලින් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන සෑම අවස්ථාවකදීම රජය විදේශ ණය ලබා ගනිමින් හිඟය පියවා ගැනීමට කටයුතු කළේය. ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ඒ සඳහා භාවිත කරන ලදී. එහෙත් 2021 වර්ෂය වන විට මේ සියලු මූලාශ්‍ර ශූන්‍ය තත්ත්වයට පත්ව තිබුණි. මෙරට ආර්ථික අර්බුදය ආරම්භ වූයේ ඒත් සමගය. කියවන්න...

දෙසම්බරයේත් උද්ධමනය තවත් පහළට

ආහාර උද්ධමනය සියයට 9.3 කින් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින්  තවදුරටත් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර් තා මගින් තහවුරු වෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මස උද්ධමනය සියයට 61 ක් ලෙස සටහන් වූ අතර එය දෙසැම්බර් මස සියයට 57.2 ක් දක්වා පහත වැටී තිබේ. කියවන්න...