Month: February 2023

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි ; ලොව ප‍්‍රධාන තෙල් සමාගම් තුනක් ලංකාවට

ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ.

මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ.

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කාලෝචිත , විධිමත් ක්‍රමයක් අවශ්‍යයි – මුල්‍ය අරමුලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලෝචිත සහ විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ණය හිමි රටවල් පොදු එකඟත්වයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය දින කිහිපයේ පැවති ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව එතුමිය මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ. කියවන්න...

රජයට මුදල් තිබේ ද? – මහාචාර් ය රොහාන් සමරජීව

මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මෙය ප්‍රමාණවත්ය. පිළිගත නොහැකි ලෙස ප්‍රමාද කොට ඇති පළාත් සභා මැතිවරණ ද පැවැත්වීමට මෙම මුදල ප්‍රමාණවත් විය හැක. මේ සතියෙන් පසුව පැවැත්විය හැකි මහ මැතිවරණය හෝ 2023 නොවැම්බරයෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට හෝ බොහෝ විට මෙම මුදල ප්‍රමාණවත් නොවනු ඇත. පරිපුරක ඇස්තමේන්තු අනුමත කිරීම මගින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අවශ්‍ය වනු ඇත. කියවන්න...

ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරන්න සියල්ල සූදානම් ; ජාත්‍යන්තර ආයතන රැසක සහය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර  ‍‍සංවර්ධන නියෝජිත ආයතනවල හමුවක් පැවැත්විණි .

එම ආයතනවලින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ලබා ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් සිදු කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කර ගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන සිදු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ඉල්ලා සිටි අතර එම ආයතන විසින් කණ්ඩායමක් ලෙස බෙදා ගනිමින් එම සහය ලබා දීමට එකඟතාවය පළ කළේය. කියවන්න...

අදානි සමුහයේ මන්නාරම, පුනරීන් සුළං බලාගාර වැඩ ඇරඹෙයි

ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයෙන් ඉදිවන මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාර සඳහා ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබීය. ශ්‍රී ලංකා ආයජන මණ්ඩලය සහ අදානි සමගම අතර එම ගිවිසුම අත්සන් කෙරිණි.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කියවන්න...

රට ඉදන් එන කුරුල්ලන්ට මහනුවරින් නවාතැනක්

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද කීය. කියවන්න...

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කියවන්න...

ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක් – ජනපති

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි. කියවන්න...

චීනයේ ණය සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සුදානම්

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

  චීනයේ ණය සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලක බලමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේ අනෙකුත් සියලු කොන්දේසි සපුරා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

එසේ මුල්‍ය අරමුදල චීන සහතිකය නොමැතිව ණය අනුමත කළහොත් මාර්තු මාසය වන විට මෙරටට එම නය ලබාගත හැකි වන බව ද එම වාර්තාවල සඳහන් ය. කියවන්න...