මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ පුරප්පාඩු වී තිබු සාමාජික තනතුරක් සඳහා ඩග්ලස් නානායක්කාර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
මෙම පත්කිරීම පසුගිය පෙබරවාරි 2 දා සිට වලංගු වනසේ පත්කර ඇත්තේ කොමිසමේ සාමාජිකත්වයේ සිටි ඉංජිනේරුවරයා පසුගිය වසරේ තනතුරින් ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබු පුරප්පාඩුවට බව කියති.
කොමිසමේ උප සභාපති බී කේ ඒ යු වික්‍රමසිංහ මහතා සහ සාමාජික මොහාන් සමරනායක මහතා පසුගිය 3 දා ඉල්ලා අස්වීම නිසා එම තනතුරු දෙක ද මේ වනවිට පුරප්පාඩු වී තිබේ. එම පුරප්පාඩු පිරවීමට තවමත් පියවර ගෙන නැත.
මෙම තනතුරු සඳහා නව පත්කිරීම් කිරීමේ බලය මුදල් ඇමතිවරයාට ලැබී තිබේ.
ඩග්ලස් නානායක්කාර මහතා පතිකිරීම සිදුකොට ඇත්තේ මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.