ශ්‍රී ලංකාවට පැරිස් සමාජයෙන් මුල්‍ය සහතිකය හිමිවෙයි

ණය දෙන රටවල පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය මුල්‍ය සහතිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සඳහා මෙය අතිශය වැදගත් වෙයි.

පැරිස් සමාජයේ සාමාජික නොවන ඉන්දියාව මීට පෙර මෙබඳු ම සහතිකයක් ලබා දී ඇත.

කෙසේ වෙතත්, චීනය ප්‍රකාශ කොට ඇත්තේ වසර දෙකක ණය සහන කාලයක් ලබා දෙන බව යි. වෙනත් සහන ලබා දීම ගැන එම කාලය තුළ එකඟත්වයකට පැමිණීමට අදහස් කරන බව චීනය ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *