ලක්ෂයකට වඩා වැටුප් ගන්නේ එක් ලක්ෂ විසි දහසයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය
ලක්ෂ 22 කගේ වැටුප තිස් දාහට අඩුයි

මෙරට ලක්ෂ 46 ක් වන ශ්‍රම බලකායෙන් රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නේ එක් ලක්ෂ විසි දහසක පමණ පිරිසක් බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
එමෙන් ම , ලක්ෂ 22 කට ලැබෙන වැටුප රුපියල් තිස් දහසකට අඩු බව ද ඒ මහතා කියයි.
ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මෙරට ශ්‍රම බලකාය හතලිස් හය ලක්ෂ හතලිස් පන්දහස් පන්සිය හැත්තෑ දෙකකි ( 4,645,572 ). එයින් ලක්ෂයකට වැඩි වැටුප් ලබන සංඛ්‍යාව එක් ලක්ෂ විසි දහස් නවසිය විසි පහකි (120,925). එම සංඛ්‍යාව ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.6 කි.