රජයට මුදල් තිබේ ද? – මහාචාර් ය රොහාන් සමරජීව

මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මෙය ප්‍රමාණවත්ය. පිළිගත නොහැකි ලෙස ප්‍රමාද කොට ඇති පළාත් සභා මැතිවරණ ද පැවැත්වීමට මෙම මුදල ප්‍රමාණවත් විය හැක. මේ සතියෙන් පසුව පැවැත්විය හැකි මහ මැතිවරණය හෝ 2023 නොවැම්බරයෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට හෝ බොහෝ විට මෙම මුදල ප්‍රමාණවත් නොවනු ඇත. පරිපුරක ඇස්තමේන්තු අනුමත කිරීම මගින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අවශ්‍ය වනු ඇත.