Day: February 26, 2023

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි ; ලොව ප‍්‍රධාන තෙල් සමාගම් තුනක් ලංකාවට

ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ.

මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ.

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කාලෝචිත , විධිමත් ක්‍රමයක් අවශ්‍යයි – මුල්‍ය අරමුලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලෝචිත සහ විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ණය හිමි රටවල් පොදු එකඟත්වයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය දින කිහිපයේ පැවති ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව එතුමිය මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ. කියවන්න...