Month: February 2023

ලක්ෂයකට වඩා වැටුප් ගන්නේ එක් ලක්ෂ විසි දහසයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

ලක්ෂ 22 කගේ වැටුප තිස් දාහට අඩුයි

මෙරට ලක්ෂ 46 ක් වන ශ්‍රම බලකායෙන් රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නේ එක් ලක්ෂ විසි දහසක පමණ පිරිසක් බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම , ලක්ෂ 22 කට ලැබෙන වැටුප රුපියල් තිස් දහසකට අඩු බව ද ඒ මහතා කියයි. කියවන්න...

ණය ගැන තීරණ ගන්න ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී

චීනය, ජපානය , ඉන්දියාව එකට හමුවෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මුහුණ දී සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය ගැන අදාළ සියලු රටවල් සහභාගී වන ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

ලෝකයේ බලවත් රටවල් සාමාජිකත්වය දරන ජී 20 කණ්ඩායමේ මුදල් ඇමතිවරුන්ගේ සහ මහා බැංකු අධිපතිවරුන්ගේ සමුළුව ඉන්දියාවේ බැංගලුරුහිදී මෙම මස 23 සිට 25 දක්වා පැවත්වීමට නියමිත අතර එයට සමගාමීව ලෝක ණය ප්‍රශ්න ගැන විශේෂ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව කියති. කියවන්න...

මහ බැංකු පොලී අනුපාතයෙන් ආර්ථිකය මහ පාරට? – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි

බැංකු පොලිය ගැන ඇත්ත නැත්ත

මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන අධික පොලී අනුපාත ප්‍රතිපත්තිය ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න මහ බැංකුව විසින් පිළි ගැනෙන මූල්‍ය ආර්ථික විද්‍යා සංකල්පය පැහැදිලි කිරීම යි. 

මේ දිනවල  පැතිරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දැකිය හැකි සටන් පාඨයක් වනුයේ රටේ දැනට පවතින අධික ණය පොලී අනුපාතයන් වහාම අඩු කරන ලෙස ය. මේ පිළිබඳ ව මාධ්‍යය විසින්  කළ විමසීමකට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විසින් පසුගිය පෙබරවාරි 8 දින දෙන ලද පිළිතුර වූයේ, රටේ පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් නීති පනත මගින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බැවින්, ඒ සඳහා රජයට මැදිහත් වීමට කිසිම හැකියාවක් නොමැති බව යි. එහෙත්, මෙය නිවැරදි පිළිතුරක් නොවේ.  කියවන්න...

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව – මහාචාර් ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.



ශ්‍රී ලංකාවට තම ණය ගෙවීමට හැකි වන්නේ ද යන්න ගැන ඉතාමත් තීරණාත්මක දර්ශකය වන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වන අතර ඒ පිළිබඳව ඉලක්ක සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණීමට සිදුවෙයි. දැන් අපට ඇත්තේ ඍන ශේෂයකි. නිදහසින් පසු වසර 75ක කාලයෙන් වැඩි ප්‍රමාණයක දී තිබුණු තත්ත්වය එය යි.  මුල්‍ය අරමුදලේ සහතිකය පවත්වාගෙන යාමට 2025 දී  දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට +2.3 ක ශේෂයක අවසාන ඉලක්කය කරා යෑම සඳහා වන අන්තර් කාලීන කඩ ඉම් නිසි කලට පසු කල යුතුය.

රජයේ වියදම් කපා හැරීම අවශ්‍ය නමුත් අපහසු ය. ඒ ගැන අවධානය යොමු කරන අතර ම, අප එකඟ වන ඉලක්ක සපුරා ගැනීමට නම් ආදායම් වැඩිකර ගැනීම ද අවශ්‍ය ය. 2022 වසර සඳහා එකඟ වූ අන්තර් කාලීන ඉලක්ක සපුරාගැනීමට රජයට හැකි වූ බව වාර්තා වී ය. බදු සම්බන්ධයෙන් රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති කර ගත එකඟතාවය පහත දක්වා ඇත. කියවන්න...

සියලු ණය හිමියන්ගේ සහතිකය අවශ්‍යයි – IMF

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම ලබාදීම සඳහා සියලු ණය හිමියන්ගේ සහතිකය අවශ්‍ය බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

 පැරිස් ණය දෙන රටවල එකතුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අයි.එම්.එෆ්. සංවිධානය මේ බව සදහන් කර ඇත. ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා පැරිස් සමාජයේ රටවල් එකඟවීම ගැන සතුට පළ කරන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. කියවන්න...

ලංකාව මෝටර් රථයක් නිපදවයි

ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද (10) මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.  කියවන්න...

ළිං මැඩි සංකල්ප පසෙකලා ජාත්‍යන්තරයට විවර වෙමු – දුෂාණි එදිරිසිංහ

දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ නිසා රටේ විවිධ කැරලි කෝලාහල,ජාතික ව්‍යාපාරයන් ඔස්සේ ජාතික වීරයන් අප රට බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළා. ඉතිං එහි අවසාන ප්‍රතිඵලය ලෙස වර්ෂ 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස බ්‍රිතාන්‍යන් ප්‍රකාශයට පත් කරනවා.මෙන්න මේක තමයි නිදහසේ කතන්දරේ.

ඉතින් මේ ලබාගත් නිදහස ඇත්තටම අපිට ලැබුණු නිදහසක් ද? කියවන්න...

ශ්‍රී ලංකාවට පැරිස් සමාජයෙන් මුල්‍ය සහතිකය හිමිවෙයි

ණය දෙන රටවල පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය මුල්‍ය සහතිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සඳහා මෙය අතිශය වැදගත් වෙයි. කියවන්න...

සංචිතය ඩොලර් බිලියන 2 පනී

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව  කියා සිටී.

මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,898 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.7%ක ඉහළ යාමක් වේ. කියවන්න...

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ පුරප්පාඩු වී තිබු සාමාජික තනතුරක් සඳහා ඩග්ලස් නානායක්කාර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

මෙම පත්කිරීම පසුගිය පෙබරවාරි 2 දා සිට වලංගු වනසේ පත්කර ඇත්තේ කොමිසමේ සාමාජිකත්වයේ සිටි ඉංජිනේරුවරයා පසුගිය වසරේ තනතුරින් ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබු පුරප්පාඩුවට බව කියති. කියවන්න...