Month: February 2023

ජනවාරියේ සංචාරකයින් ලක්ෂයක් ඇවිත්

2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් 102,000 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට වඩා සියයට 24.5 කින් වැඩි වී ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

2022 ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම 82,232 ක් පමණි. කියවන්න...

සියලු කොටස් නවදහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 9,000 කඩඉම පසුකරන ලදී.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවා ගියේ 2022 ඔක්තෝබර් 14 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. කියවන්න...

අපනයන ඉපැයීම් ඉහළට

අපනයන ඉපැයීම් ඉහළට

වසරක් තුළ ප්‍රථම වතාවට මෙරට අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ඉක්මවා 2022 වසරේදී වාර්තාවී ඇති බව මහ බැංකුව පවසයි.

එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9%ක වැඩිවීමකි. කියවන්න...

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය.

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය මෙයයි. කියවන්න...