Month: March 2023

රජයේ ආයතන මහජන බැංකුවෙන් ගිණුම් ඉවත් කරගන්න තීරණය කරයි

වැඩ ර්වජන නිසා ගනුදෙනු වලට බාධා වෙලා

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාචිකව  දැනුම් දී ඇත්තේ කණගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි. කියවන්න...

2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට  12.4 ක අගයක් වාර්තා කර ඇති බවය. කියවන්න...

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය යළි කරළියට

මාලබේ - කොටුව සැහැල්ලු දුම්රිය යළි කරළියට

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.

ඒ සඳහා විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත. කියවන්න...

බැංකු පොලී අනුපාත විශාල ලෙස පහළට

බැංකු පොලී අනුපාත විශාල ලෙස අඩු වී ඇති බව Daily Mirror වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

බැංකු පොලී සියල්ල තීරණය වන ප්‍රධාන පොලී අනුපාතිකය පසුගිය සතියේ පදනම් අංක 71 කින් සහ ඊට පෙර සතියේ පදනම් අංක 76 කින් අඩු වී මේ වන විට සටහන් වන්නේ සියයට 22.74 ක් වශයෙනි. කියවන්න...

අයි එම් එෆ් තාක්ෂණික සහය ඇතිව දුෂණ විරෝධී නව පනතක් එයි

රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ දී , සහ රාජ්‍ය අංශයේ ගනුදෙනුවල දී, දුෂණය පිටු දැකීමට ශක්තිමත් නව පනතක් ඉදිරිපති කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

රටේ දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව පියවර ගැනීම වේගවත් කිරීම නව පනතේ අරමුණ වී තිබේ. කියවන්න...

ඩොලරය තවදුරටත් පහළට. ගැනුම් මිල රු. 310ට බසී

අද (08) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310 ක් දක්වා ත් විකුණුම් මිල රු. 325 ක් දක්වා ත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

ඊයේ (07) දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබූ අතර ඒ අනුව වානිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල නියම වී තිබෙනු දැකිය හැකිය. කියවන්න...

සංචිතත් ඉහළට

සංචිතත් ඉහළට

2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි. කියවන්න...

චීනයේ ණය සහතිකය මුල්‍ය අරමුදල පිළිගනී ; සියල්ල සපුරා ඇති බව දන්වයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය ඊයේ දුන් ලිඛිත සහතිකය පිළිගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන්ගේ සියලු සහතික ලැබී ඇති බව අද දන්වා තිබේ.

අද දින මුල්‍ය අරමුදල ඒවා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 1 දා දෙපාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ සියලු කොන්දේසි මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි. කියවන්න...

අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සුදානමින්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය මෙරටට බිලියන තුනක මුදලක් දීමට එකඟ වී ඇති බව යි. කියවන්න...