ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීමට රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කරයි.
රටක ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් ඒ රටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකුවත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය, ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම පවසයි. කියවන්න...