Day: March 6, 2023

අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සුදානමින්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය මෙරටට බිලියන තුනක මුදලක් දීමට එකඟ වී ඇති බව යි. කියවන්න...

රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත. කියවන්න...

රුපියල නවත්තන්න මහ බැංකුව ඩොලර් මිලියන 300 මිලට ගනී ; බඩු මිල අඩුවන බවත් කියයි

රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි.

එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ, විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇත. ඒ අනුව මහ බැංකුව සතු ඩොලර් සංචිත ද ඉහල ගොස් තිබේ. කියවන්න...