චීනයේ ණය සහතිකය මුල්‍ය අරමුදල පිළිගනී ; සියල්ල සපුරා ඇති බව දන්වයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය ඊයේ දුන් ලිඛිත සහතිකය පිළිගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන්ගේ සියලු සහතික ලැබී ඇති බව අද දන්වා තිබේ.
අද දින මුල්‍ය අරමුදල ඒවා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 1 දා දෙපාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ සියලු කොන්දේසි මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය ලබාගැනීමේ ඉල්ලීම මෙම 20 දා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුල්‍ය අරමුදල දැන්ව තිබේ.
ඩොලර් බිලියන 2.9 ක මෙම ණය අනුමතවීමත් සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් පාර්ශවයන්ගෙන් ද ශ්‍රී ලංකාවට මුල්‍ය පහසුකම් ලැබෙනු ඇතැයි ද මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබේ.