අයි එම් එෆ් තාක්ෂණික සහය ඇතිව දුෂණ විරෝධී නව පනතක් එයි

රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ දී , සහ රාජ්‍ය අංශයේ ගනුදෙනුවල දී, දුෂණය පිටු දැකීමට ශක්තිමත් නව පනතක් ඉදිරිපති කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.
රටේ දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව පියවර ගැනීම වේගවත් කිරීම නව පනතේ අරමුණ වී තිබේ.
දුෂණ හඳුනාගැනීම, පරීක්ෂණ කිරීම සහ වැලැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ විධිවිධාන ඇතුලත් මෙම නව පනත සකස් කරන්නේ සහ ක්‍රියාවට නංවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තාක්ෂණික සහය ඇතිව ය.
ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම් ලබාදීමේ දී මෙලෙස දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම ද මුල්‍ය අරමුදලේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් වී තිබේ.