රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.
ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත.
ආර්ථීකය සරලව
රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.
ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත.
රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි.
එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ, විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇත. ඒ අනුව මහ බැංකුව සතු ඩොලර් සංචිත ද ඉහල ගොස් තිබේ.
ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමත් වෙමින් ඩොලරයට රුපියල් 334 කට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.
අද දහවල් වාර්තා වුයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් සහ විකුණුම් මිල රුපියල් 338.03 ක් ලෙස ය.
ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.
එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීමට රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කරයි.
රටක ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් ඒ රටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකුවත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය, ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම පවසයි.
අද උදේ වනවිට රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 346 ක් විකුණුම් අගයක් සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා සටහන් කරයි.
ඊයේ සවස විනිමය ගනුදෙනු සිදුවුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 353.46 – 353.50 අතර අගයක ය. මහ බැංකුව ඊයේ නියම කර තිබු අගය 358 කි.