Month: April 2023

කොහුවල-ගැටඹේ ගුවන් පාලම් යළි වැඩ අරඹයි

හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙරට ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට දෙරට අතර එකඟතාවකට එළඹ තිබේ. හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්ධියේ සහ ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලම්වල ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදි කිරීම අවසන් කිරීමටත්, එහි දෙවැනි අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යවරයා හමුවේ එකඟතාවට එළඹිණි. කියවන්න...

ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් පිරිසක් කොළඹට

Fortune Global 500 සමාගම් අතර 152 වැනි ස්ථානයේ පසුවන ලොව දැවැන්ත සමාගමක් වන China Merchants Group සහ එම ලැයිස්තුවේ 174 වැනි සමාගම වන China Merchants Bank හි ඉහළ පෙළේ දුත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

China Merchants Group හි සභාපති Miao Jianmin ඇතුළු මෙම පිරිස පසුගිය සිකුරාදා (21) ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හමුවී ඇත. කියවන්න...

හම්බන්තොටට දැවැන්ත ආයෝජන රැසක්. ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් තබයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) දින සිදුකෙරිණි.

නාවුක, ලොජිස්ටික්ස්, ගුදම්, තීරු බදු රහිත, ඉන්ධන සහ තෙල් අලෙවි, ඉදිකිරීම්, යොට් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති 15 ක් මීට ඇතුළත් වේ. කියවන්න...

වියදමට අනුව ඉන්ධන මිල , විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ඇමති අතට ගන්න – මුල්‍ය අරමුදලේ කොන්දේසියක

උපයෝගිතා කොමිසම වසා දමයි ?

වැයවන මිලට සරිලන සේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නියම කිරීමේ වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට පැවරෙන සේ පවතින නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි පනවා තිබේ .

මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් වන්නේ 2024 ජුනි මාසයට පෙර අදාළ නීති සංශෝධන කළ යුතු බවයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ දිළිඳු සහන තුන් ගුණයකින් වැඩි කළ යුතුයි – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි.

අලුත් සහන දීම ජුනි සිට අරඹන්න සැලසුම්

ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු බවත්, ඉදිරි කාලයේ මෙම සහන ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවයේ සඳහන් කොට ඇත.

එහි දැක්වෙන අන්දමට ශ්‍රි ලංකාවේ පහළ ම අදායම් ලබන පවුලක මාසික වියදම රුපියල් 19,246 ක් වන අතර එම කාණ්ඩයට රජයෙන් ලැබෙන දිළිඳු සහනයේ සාමාන්‍ය අගය පවුලකට රුපියල් 2,117 කි. එය පවුලේ වියදමින් සියයට 11 කට සමානය. කියවන්න...

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ලෙස දැක්වුණි. කියවන්න...

ල.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝම්බරයේදී අවසන්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය.

ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය. කියවන්න...

මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 12. 7 ලබාදීමේ සහතිකයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සමග ඩොලර් බිලියන තුනක ඔවුන්ගේ ණය මුදල සමග ඩොලර් බිලියන 12.7 ක සම්පුර්ණ මුදලක් සපයා දීමේ සහතිකයක් ලබා දී ඇති බව හිටපු ඇමති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 1.5 ක් ලෝක බැංකුවෙන් සැබෑ බිලියන 2.2 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලෙස බිලියන 3.7 ක් ලබා දීමට සහතික වී ඇත. ඒ අනුව මුල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සම්පුර්ණ මුදල ඩොලර් බිලියන 6.7 කි. කියවන්න...

අපනයන මූලික කරගත් ආර්ථිකයක් සහතික කිරීම සඳහා වෙළෙඳපොල තරඟකාරීත්වයක් ඇති කිරීම ඉතා වැදගත් – JAAF සභාපති ශරඞ් අමලියන්

‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද දැඩි අසීරුකම් මැද ඇඟලූම් කර්මාන්තයේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රී ලංකාවට තිබූ හැකියාව හේතුවෙන් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ විශ්වාසය එලෙසම පවත්වා ගෙන යාමට ක්ෂේත‍්‍රයට හැකි වූ බව අමලියන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කොවිඞ් වසංගතය අතරතුර ඇඟලූම් කර්මාන්තය ‘‘අත්‍යවශ්‍ය සේවාවක්” ලෙස නම් කිරීමට රජය ලබා දුන් සහයෝගය විශ්වාසය ඇති කරවන පසුබිමක් නිර්මාණය කිරීමට තීරණාත්මක ලෙස බලපෑ බව ඔහු පැවසුවේය. කියවන්න...

ආසිරි පෝට් සිටි හොස්පිටල් ළඟදීම

ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කර සිටී.

කොළඹ වරාය නගරය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරෙහි එකක් ලෙසින් රෝහලක් ස්ථාපනය කිරීම සඳහා මෙම ගිවිසුම්ගත වීම සිදුවී තිබේ. ඒ අනුව පෝට් සිටි පරිශ්‍රය තුළ රෝහල් සඳහා වෙන් කර ඇති භූමිය වෙනුවෙන් වසර 99ක බදු ගිවිසුමකට එළඹිම සිදුවනු ඇත. කියවන්න...