ඇමරිකාවට කළ අපනයන 26% කින් පහළට. සැප්තැම්බරයේ දී අපනයන ආදායමේ විශාල අඩුවීමක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා 11.88% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එසේම, එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 14.94% ක අඩුවීමකි.
විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.