ඇමරිකාවට කළ අපනයන 26% කින් පහළට. සැප්තැම්බරයේ දී අපනයන ආදායමේ විශාල අඩුවීමක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා 11.88% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එසේම, එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 14.94% ක අඩුවීමකි.
විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.
මෙම සංඛ්‍යාලේඛනවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයට සිදුකළ අපනයන වටිනාකම 2023 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 202.10 ක් ලෙසින් වාර්තා වන අතර එය 2022 සැප්තැම්බර් මාසයේ කළ අපනයන වටිනාකම වූ ඩොලර් මිලියන 274.16 ට සාපේක්ෂව 26.28% ක පහළ යාමක් වේ.
මේ අතර 2023 සැප්තැම්බර් මාසයේ ඇඟළුම් හා රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 361.82 ක් දක්වා 24.60% කින් පහළ වැටී තිබීම විශේෂත්වයකි.



අද දෙරණ