ශ්‍රී ලංකා ධීවරයින්ට ජපානයෙන් යෙන් මිලියන 200ක්

ශ්‍රී ලංකා ධීවරයින්ට ජපානයෙන් යෙන් මිලියන 200ක්

ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන ප්‍රදානයන් ලබාගැනීමට සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවරයන්ගේ ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමත් නවීන විද්‍යුත් උපකරණ වලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් අරමුණු කරගනිමින් ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන දෙසීයක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජයේ එකඟතාවය පළ කොට ඇතැයි රජය පවසයි.

එම ප්‍රදාන යටතේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා අයිස් නිෂ්පාදන යන්ත්‍ර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩිජිටල් කිරුම් තරාදි,ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහා ධීවර දැල්, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශීතකරණ – අධිශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රට සපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.

එකී ප්‍රදානයන් ලබාගැනීමටත් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ARUNA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *