ලංකා IOC බලපත්‍රය තවත් වසර 20කට දීර්ඝ කෙරේ

මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත තරඟකාරී සමාගමක් වන ලංකා IOC සමාගමේ බලපත්‍රය තවත් වසර 20 කින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව 2024 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් වසර 20 ක කාලයක් සඳහා ලංකා IOC සමාගමට මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත වීමට අවකාශ සැලසෙනු ඇත.