විදේශ රැකියා පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය එළිදකියි

රැකියා සඳහා විදේශ ගතවීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) එළිදැක් වුණි.
මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහෝගිතා පිළිබඳ ස්වට්සර්ලන්ත අයතනයේ නිලධාරීන්ගේද සහභගීත්වනි.
ජාතික හා ගෝලීය වශනේ ඇතිව තිබෙන නව ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානාක්කාර මහතා පැවසුවේ රට වැටුණ අවස්ථාවේ රට යළි ගොඩ ගැනීමට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් නොමද සහයක් ලැබුණ හෙයින් ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් උපරිමය කිරීමට තමන් කැප වෙන බවයි.