Month: October 2023

ඇමරිකාවට කළ අපනයන 26% කින් පහළට. සැප්තැම්බරයේ දී අපනයන ආදායමේ විශාල අඩුවීමක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා 11.88% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එසේම, එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 14.94% ක අඩුවීමකි.

විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත. කියවන්න...

ශ්‍රී ලංකා ධීවරයින්ට ජපානයෙන් යෙන් මිලියන 200ක්

ශ්‍රී ලංකා ධීවරයින්ට ජපානයෙන් යෙන් මිලියන 200ක්

ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන ප්‍රදානයන් ලබාගැනීමට සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවරයන්ගේ ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමත් නවීන විද්‍යුත් උපකරණ වලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් අරමුණු කරගනිමින් ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන දෙසීයක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජයේ එකඟතාවය පළ කොට ඇතැයි රජය පවසයි. කියවන්න...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ඩොලර් මිලියන 100ක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ඩොලර් මිලියන 100ක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලැබ ඇත. කියවන්න...

රටවල් 7කට නිදහස් වීසා

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන පියවරක් ලෙස රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ. කියවන්න...

ලංවිමය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යන්ත්‍රණයක් සකස් කරනවා.
පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඔක්තෝම්බර් 21 වැනිදා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා. කියවන්න...

ජාතික උද්ධමනය දශම 8ට බසී

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 සැප්තැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය වාර්ෂික පදනම මත 0.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි. උද්ධමන අගය දශම ගණනක අගයයක් දක්වා පහත වැටී තිබීම විශේෂ කරුණකි.

2023 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.1% ක් ලෙසින් වාර්තා වී තිබුණි. කියවන්න...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමේ සැලසුමක්

ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. කියවන්න...

ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් අයිතිය ගැන නිවේදනයක්ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් විකුණයි

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් හා සඟරාවල දැන්වීම් පළ කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ කමිටුව විසින් මෙම දැන්වීම් පළ කිරීමට නියමිතය. කියවන්න...

හෙට විවෘත වන ශ්‍රී ලංකාවේ අලුත්ම සුපිරි සාප්පු සංකීර්ණය මෙන්න

ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය හෙට (19) දිනයේ දී විවෘත වීමට නියමිතය.

හෙට පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වේ. කියවන්න...

නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසකට ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය

පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට උත්සුක වන බව ඇමතිවරයා කියා සිටියේය. කියවන්න...