Month: November 2023

විදේශ ණය ගැන එකඟත්වය : පොලිය අඩු කරයි ; ගෙවීමට දිගු කාලයක්

ශ්‍රී අලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව සමග ඇති කරගත් එකඟතාවය අනුව ණය සඳහා පොලිය අඩු කිරීම සහ ගෙවීමට දෙන කාලය දීර්ඝ කිරීම යන ප්‍රතිකර්ම දෙක ප්‍රධාන වන බව ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග කියයි.

පැරිස් සමාජයේ රටවල් , ඉන්දියාව සහ හංගේරියාව ඇතුලත් නිල ණය හිමි කමිටුවේ මෙම එකඟතාව ඊයේ ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ, මෙම කණ්ඩායමේ ප්‍රතිව්‍යුහගත කරණයට ලක්වන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 කි. කියවන්න...

දෙවන පිරිපහදුව චීනයට! – #ඉකොනොමැට්ටා

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක්
දෙවන පිරිපහදුව චීනයට!

  ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා

. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි. දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීන්දුයි

ශ්‍රී  ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත.

කෙසේ වෙතත්,  එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව ද වාර්තා වෙයි. කියවන්න...

අම්බුළුවාවට කේබල් කාර්. ගිවිසුම් අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Amber Adventure සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වේ. කියවන්න...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023 අද ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023, අද (28) පස්වරුවේ දී ආරම්භ වීමට නියමිතය.

අද (28) දින ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023 හි සමාරම්භක සැසිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක්වීමට නියමිත අතර සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය සැලසුම් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති Montek Singh Ahluwalia මහතා සිදුකිරීමට නියමිතය. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සමුළුවේ පිළිගැනීමේ කතාව පවත්වනු ඇත. කියවන්න...

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කෙන්යාවේ තේ වතු මිල දී ගත්තේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, James Finlay Kenya තේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. ඊට අදාළ ගිවිසුම් ඊයේ (27) දින හුවමාරු කර ඇත.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන B Commodities ME FZE UAE විසින් 2023 මැයි 03 දින ස්කොට්ලන්ත ලියාපදිංචියක් සහිත සමාගමක් වන James Finlay Limited සමඟ ගිවිසුමකට එළඹුනි. ඒ James Finlay (Kenya) Limited 85% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම වෙනුවෙනි. කියවන්න...

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා - ජනපති

    සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි. කියවන්න...

ශ්‍රී ලන්කන් ගන්න එමිරේට්ස්, එටිහාට් , අදානී ඇතුළු ආයෝජකයෝ 16 ක් කැමැත්තෙන්

දිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීමට එමිරේට්ස්, එටිහාට්, සහ අදානී සමුහය ඇතුළු ආයෝජකයින් 16 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

මෙම දහසය දෙනා දෙවන වටයේ ඇගයීමේ දී සුදුසුකම් ලබා ඇත. කියවන්න...

අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර්  මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි

.මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි. කියවන්න...

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනිමට සමත්ව ඇත. මෙහිදී වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් අත් කර ගැනීමයි. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනයන්හි මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි. කියවන්න...